(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු විදෙස් රටවලින් ලැබුණු සෑම ආරාධනාවකටම දස දෙනෙකුට වඩා ඒ සදහා රැගෙන ගොස් නොමැති බවත් , තම විදේශ සංචාර පිළිබඳව වැරදි ප්‍රවෘත්තින් පළවන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
“විදෙස් සංචාරයකට ගිය වැඩිම ගණන 10ක්. තජිකිස්ථානයේ සමුළුවට මමත් එක්ක ගියේ ආණ්ඩුකාරවරු දෙන්නෙකුයි. පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුයි. උදේ කියනවා 50 ක නියෝජිත පිරිසක් එනවා කියලා. සමහර රේඩියෝ පුනපුනා කියනවා. අඩුම තරමින් මගේ මාධ්‍ය ඒකකයෙන්වත් අහන්නේ නෑ.
මගේ නිලකාලය තුළ මම ඉල්ලලා හෝ මගේ පුද්ගලික උවමනාවකට මම ගිහින් නෑ. හැම එකක්ම මට ලැබුණ ආරාධනා. එහේ ගියාම මම ඉන්න හෝටලයත් නිකම් දෙන්නේ. ජාත්‍යන්තර සමුළුවලට ආරාධනා කළාම ශ්‍රී ලංකාව කියලා නම ගහලා තිබෙනවා. ගියේ නැත්නම් පුටුව හිස්. මම යන හැම සමුළුවකින්ම රටට යමක් ගෙනත් තිබෙනවා.”








