FAST NEWS

24×7 Around the Globe

නාලක ද සිල්වාගේ නඩුව ඔක්තොම්බර් දක්වා කල් තැබෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධ නඩුව ලබන ඔක්තෝබර් 02 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) නියෝග කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනයට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව මෙම නඩුව කැඳවේ.

මෙම සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රකාරව වැරදි සිදු කර ඇත්දැයි ද යන්න සම්බන්ධයෙන් නීතිපතිගේ උපදෙස් ලබා ගැනීමට නඩුවේ උද්ධෘත නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇතැයිද අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ අසනීප තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය හෙයින් නඩුව දීර්ඝ දිනයකින් කැඳවන ලෙස ඔහුගේ නීතීඥවරු කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය ලබා දුන්නේය.