FAST NEWS

24×7 Around the Globe

සින්නක්කර ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු දස ලක්ෂයක් ලබාදීම සදහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඉඩම් සදහා සින්නක්කර ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ යහපාලන රජය 2015 වසරේ දී බලයට පත්වීමේදී ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් ලෙසටයි.

මෙම යෝජනාව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කළේය.