එංලගන්තයට බය නොවු හේතුව අවිශ්ක හෙළි කරයි

එංලගන්තයට බය නොවු හේතුව අවිශ්ක හෙළි කරයි

 

(ෆාස්ට් නිව්ස් – ෆාස්ට් නිව්ස්) – වේග පන්දු යවන්නන්ට කිසිදු බයකින් තොරව තමා පිතිකරණයේ යෙදෙන බව ශී‍්‍ර ලංකා යොවුන් පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමීන් සඳහන් කර තිබේ.

‘‘ඉස්සරහට යනකොට කොහොමත් සෙමින් දාන පන්දු යවන්නන් නැහැ. එංගලන්තය සමග තරගයට මම එනකොටම දැනගෙන හිටියා ඒ අයගෙ පන්දු යවන්නන් පැයට කි.මී. 145-148 වගේ වේගයෙන් පන්දු යවන බව. ඒකට ලෑස්ති වෙලා තමයි මම හිටියෙ. කොහොමත් කොච්චර වේගයෙන් පන්දු යැව්වත් මම බය වෙන්නෙ නැහැ. ඒ නිසා තමයි එංගලන්තය සමග තරගයේදී ලකුණු 49 ක් ලබා ගන්න පුළුවන් වුණේ.’’

ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දැවි ගොස් සිටියදි කණ්ඩායමට පැමිණි පීඩනය ලිහිල් කිරීමට හැකි වුයේ තමාට ඉක්මනින් ලකුණු ලබා ගැනිමට හැකිවීම නිසා බවද අවිශ්ක පවසා ඇත.

‘‘ එංගලන්තය කියන්නෙ ලෝකයේ අංක එකේ කණ්ඩායම. ඒ කණ්ඩායමේ විතරක් නෙමෙයි හැම කණ්ඩායමකම වේගයෙන් පන්දු යවන අය ඉන්නවා. මම බය නැතිව පහර දුන්න නිසා තමයි මට ඒ දේ කරගන්න පුළුවවන්. මොකද එදා තරගයේදී කඩුලූ දෙකක් වැටිලා තිබුණ වෙලාවෙ මමත් අවුට් වුණානම් අපිට පීඩනය වැඩි වෙනවා. මොකද මම ගහන වෙලාවෙ අපිට ලකුණු ටිකක් ආපු නිසා තමයි පීඩනය ලිහිල් වුණේ. ඒ තරගයේදී කුසල් මෙන්ඩිස් අයියා සහ ඇන්ජලෝ මැතිව්ස් අයියා හොඳින් පිතිකරණයේ යෙදුන නිසා තමයි ඒ තරගය දිනන්න පුළුවන් වුණේ.’’

එසේම තමා ලෝක කුසලාන තරගාවලියකදී ක‍්‍රීඩා කළ පළමු තරගයේදීම අර්ධ ශතකය ලබා ගැනීමට නොහැකිවීම වේඳනාවක් බව ඔහු කියා ඇත.

‘‘ඇත්තටම ලෝක කුසලානයට ක‍්‍රීඩා කරපු පළමු තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කිරීමට පුළුවන් වුණා නම් ඒක ලොකු දෙයක්. නමුත් මට අර්ධ ශතකය අහිමි වීම ගැන නම් කනගාටුවක් තියෙනවා. ඒ පහර මම ගැහුව්වෙ වෙන තැනකට. නමුත් පන්දු රකින්නාගෙ අතටම ගියා. තව පොඞ්ඩක් එහා මෙහා වුණා නම් තත්ත්වය වෙනස් වෙන්න තිබ්බා. මම බැට් කරන වෙලාවෙ ගොඩක් පන්දු එවන්නෙ ඒ සීමාවෙ තමයි.’’

මෙවර ලෝක කුසලානය නියෝජනය කිරීමට තමාට අවස්ථාවක් හිමිවේයැයි නොසිතූ බවද අවිශ්ක සඳහන් ක ඇත.

‘‘ඇත්තටම මට අවස්ථාවක් ලැබෙයි කියලා හිතුවෙ නැහැ. සංචිතය දැම්මට පස්සෙ තමයි මාව නම් කරලා කියලා දැනගත්තෙ. එතනදි ලොකු සතුටක් ආවා. පොඩි වයසකින් ලෝක කුසලාන නියෝජනය කිරීම සතුටක්. ඒ තැන දිගටම අරගෙන යන්න තමයි මහන්සි වෙන්නෙ.’’

CATEGORIES