FAST NEWS

24×7 Around the Globe

මුහුණ සහ දෙකන් වසා ඇඳුම් ඇඳීම තහනම් කළ ගැසට් පත්‍රයේ සංශෝධනයක්

 

මුහුණ සහ දෙකන් වසා ඇඳුම් ඇඳීම තහනම් කරමින් රජය නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (25) රැස්වු කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව එම ගැසට් නිවේදනයේ දැක්වෙන පරිදි ‘දෙකන් ඇතුළුව මුහුණ වසාසිටීම තහනම්ය’ යන නීතිය ‘මුහුණ පමණක් වසා සිටීම තහනම්’ බවට සංශෝධනය කිරීමට නියමිත කැබිනට් ආරංචි මාර්ග කියයි.

ප‍්‍රසිද්ධ ස්ථානයකදී යම් තැනැත්තකු හඳුනාගැනීමට බාධා විය හැකි පරිදි, සිය සම්පූර්ණ මුහුණ සැඟවෙන පරිදි ඇඳුමක් හෝ ඇඟලූමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොපැළඳිය යුතු බවට වූ අතිවිශේෂ ගැසට් නිර්දේශය මේ අනුව සංශෝධනය වේ.