FAST NEWS

24×7 Around the Globe

හුංගම – ගුරුපොකුණ ධීවර වරායේ ගින්නකින් බෝට්ටු 20 ක් විනාශයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හුංගම – ගුරුපොකුණ ධීවර වරායේ (25) රාත්‍රි හට ගත් ගින්නකින් එහි නවතා තිබූ බෝට්ටු 20 ක් ගිනිගෙන විනාශ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

බෝට්ටුවලට අමතරව, එහි තිබු ධීවර ආම්පන්න රැසකට ද හානි සිදුව ඇති බවද පැවසේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවද කියැවේ.

තංගල්ල ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබේ.