FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති සතියක් ප්‍රකාශ කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සතියක් ජූලි 01 වෙනි දින සිට ජුලි 05 වෙනි දින දක්වා ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා ඇත.

විශේෂ තේමා යටතේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ සතිය ක්‍රියාත්මක ‌කෙරෙනු ඇත.

ඒ අනුව ජූලි පළවෙනි දිනය රාජ්‍ය භාෂා දිනය ලෙසත් , ජූලි දෙවැනි දින රාජ්‍ය භාෂා පාසල් දිනය ලෙසත් , ජුලි 03 රාජ්‍ය භාෂා මහජන දිනය ලෙසත් ජූලි 04 වන දිනය රාජ්‍ය භාෂා යොවුන් දිනයේ ලෙසත් , ජූලි 05 රාජ්‍ය භාෂා සමාප්ති දිනය ලෙසත් නම් කොට තිබේ.

ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු  අමාත්‍යාංශය මෙම භාෂා දින සතිය තුළ ක්‍රියාත්මක කළ යුතු  වැඩ  සටහන්  හඳුන්වා  දි තිබේ.