FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය ෂාෆිගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  තමන් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කුරුණෑගල පොලිසියේ අපරාධ කොට්ඨාස යේ පොලිස් පරීක්ෂක පුෂ්පලාල්, කුරුණෑගල පොලිස් ස්ථානාධිපති, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ⁣ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෂානි අබේසේකර, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.