FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයෙකුට වරෙන්තු

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු වන වෛද්‍ය එන්.එස්.ඒ. සේනාරත්න වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (25) වරෙන්තු නිකුත් කළේය.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් ගොනුකළ පෙත්සමට අදාළ නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

අදාළ සිසුවිය තමන්ට වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචියට අවසර ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබේ.