FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ සිරකරුවන් 150 ක් තාවකාලිකව මාරු කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මරණ දඩුවම නියම වූ සැකකරුවන් 69 දෙනෙකු ඇතළු සිරකරුවන් 150 දෙනෙකු පමණ බූස්ස සහ අගුණකොලපැලැස්ස බන්ධනාගාර වෙත මාරු කර යැවීමට කටයුතු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ. ඩබ්. තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවමට නියම වූ රැඳවියන් රඳවා සිටින මැදිරි ආශ්‍රිතව සිදුකෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන්
එලෙස මාරු කර යවා තිබෙන අතර , මෙම පිරිස ලබන මාසය තුළ යළි වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ඒමට නියමිතයි.

මේ වන විට බූස්ස සහ අගුණකොලපැලැස්ස බන්ධනාගාරවලට විශේෂ ආරක්ෂාවක් යොදා ඇති බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.