(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති වර්ජනයක් ආරම්භ කිරීමට හෙට (26) දිනයෙන් පසු තීන්දුවක් ගන්නා බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේය.
මීට අමතරව , රථ වාහන දඩ මුදල් ඉහළ දැමීමට රජය ගත් තීන්දුව ක්රියාත්මක කළහොත් එම අවස්ථාවේ සිට බස් රථ වර්ජනයක් සිදුකිරීමට සූදානම් බව ද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.








