(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන බවද කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (25) පෙරවරු නිකුත් කළ නිවේඳනයෙහි සඳහන් වෙයි.
බදුල්ල, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල සවස 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේඳනයෙහි සඳහන්.
උතුරු-මැද සහ වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිඇති විය හැකි බවත් එම නිවේඳයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.








