(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඝාතනයට ලක්වූ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.
62 හැවිරිදි සැකකරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.
ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා තිබූ අතර , ඔහු 2012 වසරේ ජනවාරි 24 වන දින සිට රිමාන්ඩ් භාරයේ සිටින අයෙක්.
හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් 2005 වසරේ අගෝස්තු මාසයේදී ඝාතනයට ලක්විය.








