FAST NEWS

24×7 Around the Globe

2018 දී රේගුවෙන් අපේක්ෂිත අදායම ලැබී නෑ – මුදල් අමත්‍යාංශය

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  රේගු දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂා කළ බදු ආදායමින් රුපියල් කෝටි 15,300ක් 2018 වසරේදී රජයට ලැබී නොමැති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

රේගු දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 1,065ක් අපේක්ෂා කළද ලැබී ඇත්තේ බිලියන 912ක් බවද පවසයි.

එහෙත් එම ලද බදු ආදායම 2018 වසරේ රටෙහි සමස්ත බදු ආදායමින් 54%ක් බවද මුදල් අමාත්‍යාංශ නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.