(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනඟන සන්ධානය සඳහා වන සාකච්ඡා වටයේ, තවත් සාකච්ඡාවක් හෙට (26) පෙරවරු පක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙන බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
පසුගියදා 17 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ මෙම සාකච්ඡා වටය එදින නොපැවැත්වූ අතර එය හෙට දිනය දක්වා කල් දැමීමට දෙපාර්ශ්වය තීන්දු කර ගත්හ.
කෙසේ වෙතත් මෙම කටයුතු හැකිතාක් ඉක්මනට අවසන් කිරීම කෙරෙහිද පක්ෂ දෙකෙම නියෝජිතයන්ගේ අවධානය යොමුව ඇති බව පැවසේ.








