FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධ කරගත් මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් සමස්ත බන්ධනාගාර දෙපාර්තමේන්තු 30 ම ප්‍රධාන වැඩසටහන් 04 ක් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ඵලදායී ලෙස රැදවියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද නිර්මාණාත්මකව චිත්‍ර, කවි පන්තියක් හෝ පද්‍යයක් නිර්මාණය කළ හැකි අයටද ඒ සඳහා අවස්ථා ලබාදෙන වැඩසටහනක් ද  ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය.

මීට අමතරව ජූනි 26 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය හා එක්ව කරන පා ගමනට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහය දෙන බවද ජූනි 30 වන දින බන්ධනාගාර දෙපාර්තමේන්තුව කිලෝ මීටර හතරක පා ගමනක් සූදානම් කර ඇති බවද තෙන්නකෝන් මහතා පැවැසීය.