FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධී ලෙස රැඳී සිටින සංචාරකයින් 7000 කට අධික සංඛ්‍යාවක් රටින් පිටුවහල්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ආගමන විගමන නීතිරිති උල්ලංඝණය කරමින් මෙරට නීතිවිරෝධී ලෙස රැඳී සිටින සංචාරකයින් 7000 කට අධික සංඛ්‍යාවක් රටින් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව එහි වැඩබලන පාලක ජනරාල් පසන් රත්නායක මහතා පැවසීය.

සංචාරක වීසා මත පැමිණ නීතිවිරෝධී අයුරින් මෙරට රැඳී සිටින වැඩිදෙනා ඉන්දියානු හා චීන ජාතිකයින් බවද හෙතෙම කීය.

නේවාසික වීසා මත පැමිණ සිටින හා එම කාලය අවසන් විදේශීය ජාතිකයින් ද මේ අතර වන බව රත්නායක මහතා පැවසීය.