FAST NEWS

24×7 Around the Globe

කටුනායකදී ලක්ෂ 53 කට අධික දුම්වැටි තොගයක් සමඟ හතරක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නීතිවිරෝධී ආකාරයට රුපියල් පනස් තුන් ලක්ෂ දහතුන් දහසක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් ඩුබායි සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අද (24) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී දුම්වැටි 96,600 ක් සොයාගෙන තිබේ.

සැකකරුවන් හලාවත සහ වෙන්නප්පුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මෙම විදෙස් දුම්වැටි තොගය රැගෙන විත් ඇත්තේ ඔවුන්ගේ ගමන්මලු තුල සගවාගෙනයි.

අදාළ සැකකරුවන් පිරිස නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ශ්‍රී ලංකාවට විදේශ රටවලින් භාණ්ඩ රැගෙන එන්නන් බව රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ .