(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දුම්රිය සේවක වැඩවර්ජනය පැවති කාල සීමාවේදී රුපියල් මිලියන 79 ක අදායමක් ඉපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමත් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ටී.එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
වර්ජනයෙන් පීඩාවට පත් ජනතාව සඳහා ඊයේ (23) සහ පෙරේදා (22) දිනයේ අතිරේක බස් ගමන්වාර රැසක් ක්‍රියාත්මක කළ බව එ මහතා පැවසීය.
එම කාලය තුළ ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර උපරිම සේවාවක් සැලසු බවද ඔහු පැවසුවේය.








