(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සිදුවූ ආර්ථික හානිය තක්සේරු කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සමීක්ෂණයක් පැවැත්වීමට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව 2018 වසරේ ජනවාරි මාසයේ සිට මැයි 31 දක්වා කාලය තුළ සහ 2019 වසරේ ජනවාරි සිට මැයි 31 දක්වා කාලය තුළ එක් එක් මාසයේ සේවය කළ සේවක සංඛ්‍යාව සහ දළ ආදායම මෙහිදී සොයා බැලෙන අතර, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානි සිදු වූ ආයතන, වාහන, ගොඩනැගිලි, යන්ත්‍ර සුත්‍ර ආදිය පිළිබඳවද තොරතුරු රැස් කෙරේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආර්ථික අපහසුතාවයට පත්වූ වෙළඳ හා සේවා ආයතන(සේවක සංඛ්‍යාව 10ට අඩු), මගීප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත, ධීවර කටයුතු ආදිය පිළිබඳව ද මෙහිදී සමීක්ෂණය කෙරෙන බව එම දෙපාර්තුමේන්තුව කියයි.(








