FAST NEWS

24×7 Around the Globe

පුජීතගේ පෙත්සම සලකා බැලිම ජුලි 31 ට කල් තැබෙයි (update)

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – තමන්ව අනිවාර්ය නිවාඩු යෑමට එරෙහිව පොලිස්පති පුජීත් ජයසුන්දර මහතා ගොනු කර ඇති පෙත්සම පිළිබඳ සලකා බැලිම ජුලි මස 31 වැනිදා දක්වා කල් තැබිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළේය.


පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමීණෙයි

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා මීට සුලු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණ ඇත.

ජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්ය නිවාඩු යෑමට එරෙහිව තමා විසින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිම සඳහා හෙතෙම මෙසේ පැමීණ තිබේ.