(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි ඇති වන බවත්, බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවද, කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (24) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
වයඹපළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිහින් වැසි ඇතිවේ.
ඌව පළාතෙත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.








