FAST NEWS

24×7 Around the Globe

ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න ජීවිත ගමනට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රණි සේනාරත්න මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටයදී අද ජීවිතක්ෂයට පත්විය.

හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් ඇයව රෝහල් ගතකළ බවයි වාර්තා වන්නේ.

ඇය ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතාගේ ආදරණීය බිරිඳයි.

මිය යන විට ඇය 83 වන වියේ පසු වී ඇත.

ඉන්ද්‍රණි සේනාරත්න මහත්මිය ගයා ගීතයන්, ඕලු නෙළුම්, සල් සපු මල්, නිල්මිණි දෑසේ,  බුදු ස්වාමිනේ සිරිපා පියුම්, දගකාරයි මං, රතු පාට මල් වැනි  ඇතුළු මෙරට ගීත කේෂත්‍රයේ ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇත.