(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉල්ලීම් කීපයක් මුල්කරගෙන දුම්රිය සේවක වැඩවර්ජනය පැවති කාල සීමාවේදී රුපියල් මිලියන 79 ක අදායමක් ඉපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හැකියාව ලැබී තිබේ.
වර්ජනයෙන් පීඩාවට පත් ජනතාව සඳහා ඊයේ සහ පෙරේදා දිනයේ අතිරේක බස් ගමන්වාර රැසක් ක්‍රියාත්මක කළ බවත් , එම කාලය තුළ ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර උපරිම සේවාවක් සැලසු බවත් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ටී.එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
ඉල්ලීම් සඳහා නිශ්චිත පිළිතුරු ලබාදෙන තුරු සෑම බ්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක වර්ජනයක නිරතවීමට දුම්රිය වෘත්තිය සමිති ඊයේ (22) තීරණය කළහ.








