FAST NEWS

24×7 Around the Globe

සුව සැරිය 1990 ගිලන් රථ නැගෙනහිර පළාතටත්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ආර්ථික ප්‍රතිපත්ති හා පොදු පහසුකම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සුව සැරිය 1990 ගිලන් රථ ප්‍රදානෝත්සවයේ අවසන් ප්‍රදානය නැගෙනහිර පළාතේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අම්පාර නගර සභා ශාලාවේ දී අද පෙරවරු 10.00 ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

පළමු වටයේ දී ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවට ගිලන් රථ 88 ක් පරිත්‍යාග කළ අතර ඉන් අනතුරුව සුව සැරිය ගිලන් රථ 209 ක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. මෙම උත්සවයේ දී නැගෙනහිර පළාතේ රෝහල් සඳහා ගිලන් රථ 27 ක් පරිත්‍යාග කිරීමට නියමිතය.

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා, ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය  වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය, ඉන්දියානු මහ කොමසාරිස් එච්. ඊ. තරන්ජිත් සිං මහතා ඇතුළු මැති ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වේ.