(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව අද සිට මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව ජාතික මත්ද්‍රව්‍ය භාවිතය හා ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව අද (23) සිට ජූලි (01) දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක කෙරේ.
මෙයට සමගාමීව දිවයින පුරා වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව පවසයි.
එළැඹෙන 26 වැනිදාට යෙදෙන ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව මෙරට තුළ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් , ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිලිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමේ හා සමස්ත ශ්‍රී ලාංකිකයින් ඒ සඳහා පෙළ ගැස්වීම මෙහි අරමුණ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය.
දුම්වැටි, මධ්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍යවලට පාසල් සිසුන් පෙළඹීම හා ඒවාට ඇදීයාම අවම කිරීමේ අරමුණින් ඇරඹී මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප්‍රධාන කාර්ය වනුයේ ඔවුන්ට ඒවා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමයි.
මෙම වැඩපිලිවෙල යටතේ ප්‍රතිපත්ති, නීති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම, නිවාරණය සහ පුනරුත්ථාපනය යන ප්‍රධාන තේමා ඔස්සේ මේ වනවිටත් දිවයිනම ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් දියත් කර තිබේ.
පළාත් 09 ම ආවරණය වන අයුරින් වැඩසටහන් ක්‍රියාත්මක වෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් හා ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා ගාස්තු රහිතව ඇමතුම් ගතහැකි 1984 දුරකථන අංකය මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර් ය සාධක බලකාය මගින් දැන් හදුන්වාදී තිබේ.








