FAST NEWS

24×7 Around the Globe

වර්ජනයෙන් පසු දුම්රිය ගමන් අද (23) සිට යථා තත්ත්වයට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය 20 වැනිදා මධ්‍යම රාත්‍රියේ දුම්රිය එන්ජින් රියදුරු සංගමය, දුම්රිය නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිදුකරනු ලැබූ වැඩ වර්ජනය ඊයේ (22) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් සිය වැටුප් විෂමතා ගැටළුව විසඳීමට පියවර නොගැනීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් මෙම වර්ජනය ආරම්භ කළහ.

ඒ අනුව ඇණහිට තිබූ දුම්රිය සේවය අද (23) පස්වරුවේ සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වනු ඇති බව දුම්රිය වෘත්තීය සමිති කියා සිටියි.

මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළද, ඉල්ලීම් සඳහා නිශ්චිත පිළිතුරු ලබාදෙනතුරු සෑම බ්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාත්‍රි 12 සිට පැය 24 වැඩ වර්ජනයක නිරතවීමට දුම්රිය වෘත්තීය සමිති ඊයේ රැස්වී තීරණය කළේය.