(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කාර්යාල සේවයට පැමිණ නැවතත් නිවෙස් බලා යාමට සිටින ජනතාව වෙනුවෙන් සවස්වරුවේත් දුම්රිය ගමන් වාර 10 ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇත.
ඒ අනුව මහනුවර, රඹුක්කන, මහව, ගාල්ල, මාතර, හලාවත දක්වා දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වෙයි.








