(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් 04 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
ඒ අදාල නඩුව ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන් හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ඔහුට නඩු ගොනුකර ඇත.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් අධිකරණය ලබාදී තිබූ තීන්දුවක් පිළිබඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා කොළඹ පැවති උත්සවයකදී දැඩිව විවේචනය කළ බවටයි ඔහුට විරුද්ධව චෝදනා එල්ල වන්නේ.








