FAST NEWS

24×7 Around the Globe

ඌන උපයෝගිතා ව්‍යාපාර පනත අහෝසි කිරීමට අනුමැතිය හිමිවේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෙවනගල හා පැල්වත්ත සීනි සමාගම් ඇතුලු ව්‍යාපාර 37 ක් 2011 වසරෙදී  රජයට පවරා ගත් ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හො ඌන උපයෝජිත වත්කම් රජයට පවරා ගැනීමේ පනත් කෙටුම්පත ඉවත් කර එම ආයතන මහාභාණ්ඩාගාරයට පැවරීම සඳහා ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත වැඩිඡන්ද 22 කින් සම්මත විය.

එහිදී කෙටුම්පතට පක්ෂව ඡන්ද 91 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 69 ක් පමණයි.

විෂය භාර අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේ සෙවනගල හා පැල්වත්ත සීනි සමාගම් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඉදිරියටත් පාලනය වන බවයි.

එහිදී ජනතා විමුක්ති පෙරමුණ කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර, දෙමළ ජාතික සන්ධානය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියහ.