FAST NEWS

24×7 Around the Globe

කාර්යාල දුම්රිය කීපයක් ධාවනයට එක්වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවත් කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

රඹුක්කන, මහව, හලාවත, ගාල්ල සිට කාර්යාල දුම්රිය කිහිපයක් කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට කටයුතු කර ඇති අතර , මහනුවර සිට බෙලිඅත්ත දක්වා ද දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදවා ඇති බව එහි නියෝජ්‍ය ගමනාගමන අධිකාරි වජිර සමන් පොල්වත්තගේ ප්‍රකාශ කළේය.

දුම්රිය සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විධිමත් බස් රථ සේවාවක් සැපයීම සදහා ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇත.

වර්ජනය හේතුවෙන් බස් රථ 800 ක් යොදවා ඇති බවත් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච්. ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සදහන් කර සිටියේය.