(ෆාස්ට් නව්ස් | කොළඹ) – අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සුළු වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අදාළ පරීක්ෂණ කඩිනම් කර ත්රස්තවාදයට සම්බන්ධ නොවන සියලු දෙනා නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතික ආරක්ෂක කමිටුව ඊයේ (19) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ.
එහිදී රටේ ආරක්ෂක වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිලිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ආගමික උත්සව සහ මහජන හමුවීම් පැවැත්වෙන ස්ථානවල ආරක්ෂාව සහතික කිරීමට අඛණ්ඩව පියවර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කර තිබේ.








