(ෆාස්ට් නව්ස් | කොළඹ) – මිහින්තලය ප්‍රධාන පියගැට පෙළ ආසන්නයේ පිහිටි අනවසර වෙළදසැල් කිහිපයක් ආවරණය කිරීමට යොදා තිබූ ඉටිරෙදි ඉවත් කිරීමට ගිය පුරාවිද්‍යා නිලධාරින් පිරිසකගේ රාජකාරියට බාධා කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු රුපියල් ලක්ෂය බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය.
ලක්ෂය බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදාහැරුනේ මිහින්තලය ප්‍රදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ඉන්දික රාජපක්ෂ මහතායි.








