(ෆාස්ට් නව්ස් | කොළඹ) – ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි කුසුම්දාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට එරෙහිව අධි චෝදනා 24 ක් යටතේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (20) අල්ලස් කොමිසම විසින් නඩු පවරනු ලැබුවේය.
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර හා ගොඩනැගිලි පවරාදීම සඳහා අනුමැතිය දීමට අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් ඉන්දිය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් ගත් බවට සඳහන් කරමින් මෙම සැකකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.








