FAST NEWS

24×7 Around the Globe

නාවලපිටිය ජලයෙන් යට වෙයි

 

(ෆාස්ට් නව්ස් | කොළඹ) – අද (20) පෙරවරුවේ මධ්‍යම කදුකරයට අද (20) ඇඳ හැළුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ බස් නැවතුම්පළේ  සිට ගම්පොළ දෙසට මීටර් 500 පමණ ජලයෙන් යට වීම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය.

වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයෑම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට විය .

සුළු වර්ෂාවකදි පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යට විම නිසා එම නගරයට පිවිසෙන පාරිභෝගික ජනතාව ගැටලු රැසකට මැදිවී තිබේ.