(ෆාස්ට් නව්ස් | කොළඹ) – ගතවූ මාස 06 ක පමණ කාලයේදී රුපියල් මිලියන 18 කට අධික බීඩි කොළ සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.
බීඩිකොළ කිලෝ 15, 500 ක් මෙම කාලසීමාව තුළදී නාවික හමුදා භාරයට ගෙන ඇති බවත් , මෙලෙස හොර රහසේ මෙරටට ගෙන එන බීඩි කොළ හේතුවෙන් රේගු දෙපාර්තමේන්තුවට හිමිවිය යුතු විශාල ආදායමක් අහිමි වී යන බවත් එහි මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේය.








