(ෆාස්ට් නව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ නායක අබ්දුල් රාසික් නමැත්තා අද (20) දිනයේදී කැඳවා තිබේ.
අද පස්වරු 2.00 ට තේරීම් කාරක සභාව රැස්වන අතර , කාත්තන්කුඩිය ප්‍රදේශයේ මුස්ලිම් සංවිධාන කිහිපයක නියෝජිතයින්ද සාක්ෂි ලබාගැනීම සඳහා කැඳවා ඇති බව වාර්තා වෙයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි විමසන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මෙතෙක් ඉදිරිපත් වූ සාක්ෂිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ඊයේ දිනයේ රැස්විය.








