FAST NEWS

24×7 Around the Globe

පළාත් කීපයක සුළෙඟ් වේගය ඉහළ යයි

 

(ෆාස්ට් නව්ස් | කොළඹ) – අද (20) බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 50 ත් 60 ත් දක්වා ඉහළ යා හැකි බවට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පස්වරු කාලයේ දී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතියි.

මේ අතර මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.