FAST NEWS

24×7 Around the Globe

කබීර් හා හලිම් අමාත්‍ය ධූරවල දිව්රති

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හිටපු අමාත්‍යවරු වන කබීර් හෂිම් සහ එම්.එච්.එ හලිම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන් පෙර දෑරු අමාත්‍ය ධුරයන් හි යළි දිව්රුම් දී තිබේ.

ඔවුන් අද (19) පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවේ නැවත දිව්රුම් දී ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

කබීර් හෂිම් මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර එම්.එච්.එ හලිම් මහතා තැපැල් හා මුස්ලිම් කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළහ.