FAST NEWS

24×7 Around the Globe

බැටික්ලෝ කැම්පස් ආයතනයේ බැංකු ගිණුම් පිළිබඳව ජනාධිපති කොමීසම වාර්තාවක් ඉල්ලයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බැටික්ලෝ කැම්පස් ආයතනයට අයත් බැංකු ගිණුම් පිළිබඳ සියලු තොරතුරු ලබා දෙන්නැයි පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව ලංකා බැංකුවට දැනුම් දී ඇති බව එම බැංකු ආරංචි මාර්ග කියයි.

ඒ අනුව 2016 වසරේ මාර්තු මාසයේ සිට 2017 වසරේ මාර්තු මාසය දක්වා බැටික්ලෝ කැම්පස් ආයතනයේ බැංකු ගිණුමේ සියලු ගනුදෙනු ඇතුළත් වාර්තාවක් ලබන 20 වන දිනට පෙර ලබා දෙන්නැයි අදාළ ලංකා බැංකුවේ මෙහෙයුම් කළමනාකරුට දැනුම් දී ඇති බවත් පැවසේ.

එම ආයතනය සඳහා විදේශවලින් ලැබුණු අරමුදල් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය සඳහා මෙම වාර්තාව ඉල්ලා ඇති බව ද ජනාධිපති කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.