(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පොළොන්නරුව – මඩකලපුව ප්රධාන මාර්ගයේ වැලිකන්ද සෙවණපිටිය ප්රදේශයේදී අද (19) අලුයම අත්ට්රැක්ටරයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 05 ක් මිය ගොස් 12 ක් තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ට්රැක්ටරයේ ගමන්ගත්, බෝඅත්ත ගම්මානයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු සහ 30,35,55, 60 යන වයස්වල පසුවූ කාන්තාවන් සිව්දෙනෙක් වන බව පැවසේ.
දිඹුලාගම මිහිදු පෙරහැර බැලීමට ගොස් නැවත එමින් සිටියදී ට්රැක්ටරයේ ගමන් ගත් පිරිස මෙම අනතුරට ලක්ව ඇත.
වෑන් රථය කොළඹ සිට කාන්තන්තුඩිය දක්වා ගමන් කරමින් තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය ට්රැක්ටරයේ පිටුපස ගැටී ඇති බවත්, එය මීටර් 100ක පමණ දුරක් ඇදී ගොස් වෙළදසැලකට කඩාවැදී ඇති බවත් පොලිසිය කියයි.
වෑන් රියැදුරුගේ අධික වේගය සහ රියදුරුගේ නොසැලකිලිමත්කම අනතුරට හේතු වූ බවද පැවසේ.








