FAST NEWS

24×7 Around the Globe

වව්නියාවට හෙට (19) පැය අටක් ජලය අත්හිටුවයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වව්නියාව ජල සම්පාදන ක්‍රමය යටතේ ජලය සපයන නල මාර්ගය ප්‍රධාන ජලනල මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් , වව්නියාව නගරයට සහ ඒ අවට ප්‍රදේශවලට හෙට (19) පැය 08 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව හෙට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා කාලය තුළ වව්නියාව නගරයේ සහ ඒ අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.