FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව ඉවත් කරගනී

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (18) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවේ දෝෂයක් හේතුවෙන් එය ඉවත් කර ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කරයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ භාවිතය සදහා නිල වාහනයක් ලබාගැනීම, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ නිල නිවස නවීකරණයට අදාළ හිග බිල්පත් නිරවුල් කිරීම ඇතුළු වියදම් කිහිපයක් වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීම සදහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් රුපියල් මිලියන 57,546 ක පරිපූරක ඇස්තමේන්තුවක් මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.