FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය ඇමතිට විරෝධය පළ කරමින් අත්සන් දස ලක්ෂයක පෙත්සමක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහාතාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් අත්සන් දස ලක්ෂයකින් යුත් පෙත්සමක් ඉදිරිපත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙන අතර එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ ඊට මහජන අත්සන් ලබාගැනීමේ පළමු අදියර කලුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඇති චෝදනා පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිලි කිරිමට ද කටයුතු කරන බව හරිත අලුත්ගේ මහතා සදහන් කළේය.

රටට ලැබුණ තනතුර දේශපාලන වාසි ලබා ගැනීම සඳහා වැරදි ලෙස පාවිච්චි කරන බවත් , බාල තත්ත්වයේ ඖෂධ ගෙන්වා ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරන පැමිණිල්ලට ඇතුලත් කරන බව වෛද්‍යවයා එහිදි වැඩිදුරටත් ප්‍රකශ කළේය.