FAST NEWS

24×7 Around the Globe

වියළි කාළගුණයෙන් උතුරු නැගෙනහිරට දැඩි පීඩා

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළු දිවයින පුරා ප්‍රදේශ කීපයකට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන් හාරලක්ෂ හතළිස්දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වෙයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ උතුරු පළාතේ නියඟයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්ෂ අනුදහස් දෙසිය හැටක් බවයි.

මාස කීපයකින් උතුරු පළාතට වර්ෂාව නොලැබීම නිසා එම පළාත් ළිං සහ කුඩා වැව් සියල්ලම සිඳීයාම පානීය ජල අර්බුදයට හේතුවයි.

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දහනවදහස් දෙසිය තිහක් පමණ සහ උතුරු මැද පළාතේ පුද්ගලයින් එකලොස් දහස් අටසිය පනස් හයකට නියඟයෙන් බලපෑම් එල්ල වී ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය නැගෙනහිර පළාතේ පීඩාවට පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දෙදහස් නවසිය තිස් හයක් බවයි.