FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට හා දිස්ත්‍රික් කිහිපයකට වැසි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතේත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (18) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සඳහන් වෙයි.

දිවයින හරහා, විශේෂයෙන්, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේඳනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.