(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (18) නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00 ට යළිත් රැස්වීමට නියමිතයි.
අද දිනයේදී කාත්තන්කුඩි පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ එහි වත්මන් ස්ථානාධිපතිවරයා සාක්ෂි විමසීම සඳහා කැදවා ඇති බව අදාළ තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු සදහන් කළේය.
මීට අමතරව සුෆී මුස්ලිම් සංවිධානයට අයත් සාමාජිකයන් කිහිප දෙනෙකු ද අද දිනයේ සාක්ෂි විමසීම සඳහා මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැදවා ඇති බව වාර්තා වෙයි.








