FAST NEWS

24×7 Around the Globe

කැබිනට් රැස්විම ජනපති ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්වෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂ ආරංදි මාර්ග කියයි.

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලෙන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විරෝධය දැක්වීමක් වශයෙන් පසුගිය සතියේදී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය රැස් නොකළ අතර කැබිනට් රැස්වීමට තමා සහභාගි නොවන බවට ප‍්‍රකාශයක් ද කර තිබිණි.

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රමුඛ ඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවී එම අර්බුදය විසඳා ගැනීමට කටයුතු කර තිබු බව කියැවේ.