FAST NEWS

24×7 Around the Globe

ධුරවලින් ඉවත් වූ ආණ්ඩු පක්ෂ මුස්ලිම් මන්ත්‍රීවරු අද(18) රැස් වෙති

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ධුරවලින් ඉවත් වූ ආණ්ඩු පක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් අද(18) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව බවත් එහිදි ඉදිරියේදී ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ ගැටළු හේතුවෙන් ආණ්ඩුවේ මුස්ලිම් කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පසුගියදා සිය ධුරවලින් ඉල්ලා අස්වුහ.

කෙසේවෙතත් ඉල්ලා අස්වු ඇතැම් අමාත්‍යවරුන්ට නැවත අදාළ ධුරවල කටයුතු කරන ලෙස විවිධ පාර්ශවවලින් මේ වන විට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

ඒ පිළිබඳව සහ ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳව අද (18) දිනයේ සාකච්ඡා කොට අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.