FAST NEWS

24×7 Around the Globe

රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ අනතුරකින් පාසල් සිසුන් 16 ක් රෝහලේ

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රත්නපුර – පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගයේ මොරතොට ප්‍රදේශයේදී අද (17) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පාසල් ළමුන් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් පැවසේ.

අනතුරෙන් තුවාල ලැබූ ළමුන් රත්නපුර සහ පැල්මඩුල්ල යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවද වැඩි දුරටත් පැවසේ.